රුපියල් මිලියන 100 ක වියදමින් පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන 10 ක් අලූතින් සවිකිරීමට එම සෝපාන නඩත්තු කරනු ලබන සමාගම විසින් නිර්දේශ කර තිබෙනවා.
පසුගියදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විදුලි සෝපානයක සිරවීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාවෙන් මෙය නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියෙන් එක් සෝපානයක ගමන් කළ හැකි සංඛ්‍යාව 06 කට සීමා කළ අතර, එය අද සිට 08 දෙනෙකු දක්වා ඉහල නංවා තිබෙනවා.
මේ අතර පළාත්සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද අද පැවැත්වුණා.
එහිදී තීරණය වුණේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නීිතිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීළඟ පක්ෂ නායක රැස්වීමට කැඳවීමටයි.
