Gossips

මිරිස් කුඩු ගසා මාතලේ රන් මාල කැඩූ කල්ලිය පොලීසියට කොටුවෙයි

කලක සිට මාතලේ දිස්ත්‍රික්කය තුළ රන් මාල කොල්ලකෑමේ නිරතවූ පුද්ගලයින් තුන්දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මිරිස්කුඩු ගසා රන් මාල කොල්ලකෑමේ නිරතවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් ගලේවෙල, තලකිරියාගම සහ පහළවැව ප්‍රදේශවල පදිංචිකරුවන්. සී සී ටී වී දර්ශන උපයෝගී කරගෙන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය ප්‍රකාශ කළා.
සැකකරුවන් අද නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.