වැලිගම – මිරිස්ස, දෙහිවල – ගල්කිස්ස සහ මීගමුව වෙරළ තීරවල අනවසර ඉදිකිරීම් මෙම මාසය තුළ ඉවත් කිරීමට කටයුතු කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පොලීසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහය ඇතිව අදාළ කටයුතු කඩිනමින් සිදුකරන බවයි.