Gossips

මිරිජ්ජවිල වෙඩි තැබීමට සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

හම්බන්තොට – මිරිජ්ජවිල මංසන්ධියේදී බස් රථයක් තුළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල – රන්න ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ බෝර 12 ගිනි අවි සඳහා යොදාගන්නා පතොරම් ද සොයාගෙන ඇති බව සඳහන්.
අදාළ පුද්ගලයා අඳුපැලෑනේ සුජී ලෙස හඳුන්වන බවද පොලීසිය ප්‍රකාශ කළා.
අධිකරණ කටයුත්තක් සඳහා පැමිණ සිය බිරිඳ සමඟ බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හම්බන්තොට – මිරිජ්ජවිලදී ඝාතනයට ලක් වූයේ පසුගිය 26 වනදායි.