Gossips

මිරිජ්ජවිලදී බස් රථයක ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි

හම්බන්තොට – මිරිජ්ජවිල මංසන්ධියේ අද (26) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි චන්දන ප්‍රසන්න නමැති අයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
සිද්ධියෙන් මියගිය පුද්ගලයා 2011 වසරේදි රන්න අදුපැලෑන ප්‍රදේශයේ සිදු වු මිනීමැරුම් නඩුවක සැකකරුවෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඔහු අද (26) තංගල්ල මහාධිකරණයේ පැවති නඩු විභාගයට සහභාගි වී සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත නැවත යමින් සිටියදීයි වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ.
සැකකරු එම අවස්ථාවේ සිය බිරිඳ සමඟ බස් රථයේ ගමන්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු මීට පෙර පදිංචිව සිට ඇත්තේ අම්බලන්තොට රන්න ප්‍රදේශයේයි.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පසුව මෝටර් රථයක නැග පලාගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු බස් රථයේ පැමිණි මගියෙක්
මම බස් එකට නැග්ගේමොණරාගල යන්න කියලා කුඩාවැල්ල ප්‍රදේශයෙන්.හම්බන්තොට මිරිජිජවිල හන්දිය අසලදි එක සැරේටම බස් එක ඇතුලෙන් යමක් පුපුරනවා වගේ ඇහුණා.මම මගේ බිරිදත් එක්ක ඉස්සරහා ෂීට් එකේ හිටියේ.ඒත් එක්කම බස් එකේ පිටු පස හිටිය අය කෑ ගහගෙන බස් එකේ ඉස්සරහට ආවා.ඒත් එක්කම බස් එක නවත්වන ලෙස පුද්ගලයෙක් කෑ ගැහුවා.ඒත් එක්කම බස් එක නතර කලා.එතකොට බස් එකේ හිටිය කෙනෙක් පිටු පස දොරින් බිමට පැන්නා.ඒත් එක්කම ක්‍රිම් පාටට හුරු පොඩි කාර් එකක් ඇවිත් බස් එකේ හිටිය කෙනා අරගෙන ගියා . බස් එක ලෙඩත් අරගෙන හම්බන්තොට රෝහලට ආවා යැයි පැවසිය. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශණ
පවත්වයි.