Gossips

මිර්සා යලි ටෙනිස් පිටියට

ඉන්දියාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා 2020 ඔලිම්පික් තරඟාවලියට ක්‍රීඩා කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
දණ හිසේ ආබාධයක් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඇය කිසිදු තරඟයකට ක්‍රීඩා කර නැහැ.
ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල තරඟාවලි හයක් ජයගෙන ඇති මිර්සා 2015 වසරේදී විම්බල්ඩන් කාන්තා යුගල තරගය ද ජයගත්තා.
පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් මලික් සමඟ විවාහ වී සිටින ඇය සිය ප්‍රථම දරු ප්‍රසූතිය එළඹෙන ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා.