මියන්මාර රඛීනේ ප්‍රාන්තයේ රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටසට එරෙහිව සමූල ඝාතනයක් ක්‍රියාත්මක කළ බවට මියන්මාර යුද හමුදාව වෙත චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ, එක්සත් ජාතීන්ගේ විශේෂ තොරතුරු විමර්ශන කමිටුවක් සකස් කළ වාර්තාවකින්.
එමගින් සඳහන් කර ඇත්තේ මියන්මාර හමුදාව රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටසට එරෙහිව අඛණ්ඩ ආරක්ෂක තර්ජනයක් දියත් කර ඇති බවයි.
ඒ අනුව මියන්මාර හමුදා ප්‍රධානීන් 6 දෙනෙකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් වෙත යොමු කිරීමට ද අදාළ වාර්තාව මගින් යෝජනා කර තිබෙනවා.
