මියන්මාර ජනපති හිටින් ක්යාව් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මියන්මාර ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි.
ඔහුගේ මෙම ඉවත් වීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ 71 වියේ පසුවන මියන්මාර ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය එම ධුරය දැරීමට බාධාවක් වී තිබූ බවයි.
