Gossips

මියන්මාරයේ රාජ්‍ය රහස් හෙළි කළැයි රොයිටර් මාධ්‍යවේදීන්ට සත්වස් සිරදඬුවම්

මියන්මාර හමුදාවලින් පීඩාවට ලක්වන බවට සැලකෙන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිළිබඳව වාර්තාකරණයේ නියැලූණු රොයිටර් මාධ්‍යවේදින් දෙදෙනෙකුට එරට අධිකරණය මගින් අද සත්වසරක සිරදඬුවම් නියම කළා.
32 හැවිරිදි වා- ලෝන් සහ 28 හැවිරිදි කියව් සෝ ඕ මෙලෙස මියන්මාර රජයේ රහසිගත ලේඛණ පරිශීලනය කර ඇති බවටයි චෝදනා එල්ල වූයේ.
එය අධිරාජ්‍යවාදී පාලන සමයේ සිට ක්‍රියාත්මක යල් පැන ගිය නීතියක් ලෙසයි සැලකෙන්නේ.
කෙසේ නමුත්, රොහින්ග්‍යාවරුන් පීඩාවට පත් කරන බවට එල්ල වන චෝදනා මියන්මාර රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.
සිරදඬුවම් නියම වූ රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා පසුගිය වසරේ මියන්මාරයේ සිදුවූ රොහින්ග්‍යා ඝාතන පිළිබඳව වාර්තා කර තිබෙනවා.