මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රකීනේ ප්‍රාන්තයේ සිට්වේ අගනුවර අද (24) බෝම්බ පිපිරීම් 3ක් සිදුව තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධීන් පිළිබදව මියන්මාර ආරක්ෂක අංශ විමර්ශනක් ආරම්භ කර ඇති බව සඳහන්.
බෙදුම්වාදී කණ්ඩායම් ක්‍රියාත්මක ඊසානදිග ලෂියෝ නුවර ද මීට දින 3කට පෙර විශාල බෝම්බ පිපිරීමක් වාර්තා වූ අතර එහිදී බැංකු සේවකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලැබුවා.
රකීනේ ප්‍රාන්තයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් හයලක්ෂ 88,000ක් පමණ මේ වන විට බංග්ලාදේශයට පළා ගොස් සිටින්නේ එහි සිදුවන පීඩාවන් හේතුවෙන්.
