Gossips

මියන්මාරයේ ගම්මාන 85 ක් ජලයෙන් යටවේ

මධ්‍යම මියන්මාරයේ ස්වාර් ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් කැඞී යාමෙන් ගම්මාන 85ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.
සිද්ධියත් සමඟ පුද්ගලයින් හැට තුන්දහසකට පමණ සිය නිවාස අතහැර යාමටද සිදුව ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
වේල්ල කැඞී යන අවස්ථාවේ ජලාශය තුළ අක්කර අඩි දෙලක්ෂ දහසය දහස් තුන්සිය පනහක ජල ධාරිතාවක් පැවති බවද සඳහන්.