Gossips

මියන්මාරයට ඇමරිකාවෙන් සම්බාධක

රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටසට එරෙහිව වර්ගවාදී ලෙස කටයුතු කළ බවට චෝදනා කරමින් ඇමරිකා එක්සත් ජනපදය මියන්මාරය වෙත සම්බාධක පෙළක් ප්‍රකාශයට පත් කළා.
එහිදී මියන්මාර හමුදා සහ පොලිස් ප්‍රධානීන් 4 දෙනෙකු මෙන්ම හමුදා ඒකක දෙකක් ඉලක්ක කරගෙන තිබෙනවා.
පසුගිය වසරේදී රඛීනේ ප්‍රාන්තයේ ගැටුම් නිසා රොහින්ග්‍යා මුස්ලිම්වරුන් හත්ලක්ෂයක් පමණ යාබද බංග්ලාදේශයට පළා ගිය අතර, ඔවුන් තවමත් එහි සරණාගත කදවුරුවල වාසය කරනවා.
කෙසේ නමුත්, ඇමරිකාව මෙහිදී මියන්මාර හමුදාවේ මුල් පෙළ ප්‍රධානීන්ට සම්බාධක පනවා නොමැති අතර, රොහින්ග්‍යාවරුන්ට එරෙහි ක්‍රියාමාර්ග, මිනිසත්බවට එරෙහි අපරාධයක් ලෙස හඳුන්වා නැහැ.