Gossips

මියන්මාරයට ඇමරිකාවෙන් බරපතල චෝදනා

රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සංවිධානාත්මකව ඝාතන සහ දූෂණ සිද්ධීන් සැළසුම් කළ බවට ඇමරිකා එක්සත් ජනපදය මියන්මාර හමුදාවට චෝදනා කරනවා.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මන් ඒ පිළිබඳ වාර්තාවක් සකස් කර ඇති අතර, එය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මියන්මාරයේ ගැටුම් නිසා බංග්ලාදේශයට පලාගිය හත්ලක්ෂයකට ආසන්න රොහින්ග්‍යා සරණාගතයන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුවයි එම වාර්තාව සකස් කර ඇත්තේ.
අදාළ වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් පසු මියන්මාරයට එරෙහිව ඇමරිකාව නව සම්බාධක පනවනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.