Gossips

මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි

අම්පාර රජගලතැන්න නවගිරියාව වැව් තාවුල්ලේ මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ මියගොස් ඇත් වන අලියා අවුරුදු 18 ත් 22 ත් පමණ වයසක පසුවන බවයි.
රජගලතැන්න ප්‍රදේශයට ඊයේ රාත්‍රී වන අලි රංචුවක් කඩා වැදී ඇති අතර එම අලින් පලවා හැරීමට ගම්වාසීන් සහ වනජීවී නිලධාරීන් කටයුතු කර තිබුනා.
එහිදී ගමන් කිරීමේ අපහසුතාවක් පැවති මෙම අලියා මගහැරී ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීමේදීයි එම සත්වයාගේ සිරුර හමුවී ඇත්තේ.
අම්පාර අධිකරණයට මේ පිළිබඳ කරුණු වාර්තාකර ඇති අතර අම්පාර වනජීවී නිලධාරීන් විමර්ශණ සිදු කරනවා.