කාසල්රි ජලාශයට ඉහළින් පිහිටි හැටන් – ලෙදන්ටි වතුයායේ මියගොස් සිටි හදුන් දිවියෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ඒ එහි වතුකම්කරුවන් විසින් පොලීසියට කළ දැනුම්දීමකින් අනතුරුවයි.
මෙම හදුන් දිවියා මන්දකට හසුවී මියගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි නිලධාරින් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ
