පොළොන්නරුව – මනම්පිටිය – මහවැව ප්‍රදේශයේදී මිය ගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
වැලිකන්ද වනජීවි කාර්යාලයේ නිළධාරීන් අද පෙරවරුවේ එම ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදීයි මෙම අලියාගේ සිරුර හමු වී ඇත්තේ.
අඩි 09 ක් උසැති අවුරුදු 30 ක් වයසැති මෙම සත්වයාගේ වම් පාදයේ ඇති වූ තුවාලයක් උත්සන්න වීමෙන් මෙලෙස මිය යන්නට ඇති බවටයි වැලිකන්ද වනජීවි නිළධාරීන් කියා සිටියේ.
පශ්චාත් මරණ පරීක්ෂණය අද ගිරිතලේ වනජීවි පශු වෛද්‍යවරයා සිදු කිරීමට නියමිතයි.
ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර
