Gossips

මියගිය වන අලියෙකුගේ සිරුරක් සෙවනපිටියෙන් හමුවෙයි (ඡායාරූප)

මියගිය වන අලියෙකුගේ සිරුරක කොටස් පොළොන්නරුව සෙවනපිටිය නෙලුම්වැව ප්‍රදේශයේ වෙල් යායකින් හමුවී තිබෙනවා.
අද දහවල් සොයාගත් මෙම වන අලියා මියගොස් ඇත්තේ හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් බවටයි වනජීවී නිලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.
උස අඩි 8 ක් පමණ වන මෙම වන අලියා අවුරුදු 8 ත් 12 ත් අතර වයසක පසුවන බවට සැක කෙරෙනවා.
අලියාගේ හිස් කබල ඇතුලු සිරුරු කොටස් කිහිපයක් වනජීවී නිලධාරීන් විසින් පරීක්ෂණ සඳහා වැලිකන්ද වනජීවී නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගොස් තිබෙනවා.


ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර