Gossips

මියගිය රග්බි ක්‍රීඩකයින් දෙදෙනා ගැන තීරණය අද

සුහද රග්බි තරගයකට සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතන්‍යයේ රග්බි කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනෙකු හදිසි ශ්වසන ආබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඉදිරි පරික්ෂණ සදහා ඔවුන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා.
ඔවුන් රෝහල්ගත කිරීමට පෙර දින ගතකළ රාත්‍රි සමාජ ශාලාවේ සී.සී.ටී.වී. දර්ශන ද පරීක්ෂණ සදහා ලබාගෙන ඇති අතර, ඔවුන්ගේ සිරුරු ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කරන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) දැනුම් දුන්නා.