යාපනය, කීරීමලෙයි වෙරළට මියගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බව වාර්තා වනවා.
මෙලෙස වෙරළට ගොඩ ගසා තිබූ තල්මසා අඩි 25ක් පමණ දිගකින් යුක්ත වන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
ගැඹුරු මුහුදේදී මියගිය මෙම සත්වයාගේ සිරුර මෙලෙස ගොඩගසා ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළේ.
තල්මසාගේ මළ සිරුර වෙරළෙන් ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඡායාරූප – වවුනියාව, දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය
