Gossips

මියගිය අලියෙකුගේ සිරුරක් වෙල් යායකින් හමුවෙයි (ඡායාරූප)

වැලිකන්ද මහින්දාගම නව මැණික්දෙනිය ප්‍රදේශයේ වෙල්යායක මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් ඊයේ සවස සොයා ගැනුනා.
මෙම අලියාගේ මරණයට හේතුවක් අනාවරණ වී නොමැති අතර විදුලිසැර වැදීමකින් මියයන්ට ඇති බවටයි වනජීවී නිලධාරීන් සැක පළකරන්නේ.
අසේලපුර වැව් රක්ෂිතයේ ජීවත්ව සිටි මෙම අලියාගේ උස අඩි 7 ක් පමණ වනවා.
වයස අවුරුදු 10 ත් 12 ත් අතර පසුවන එම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද පැවැත්වීමට නියමිතයි.
අලියා මියගොස් ඇත්තේ අනවසරයෙන් පවත්වාගෙන ගිය වෙල් යායක බව අප වාර්තාකරු සඳහන් කළා.

ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර