මිනුවන්ගොඩ – විදුලි පාරිභෝගික සේවා කාර්යාලයේ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් එම කාර්යාලයේ සේවකයින් අද (22) විරෝධතාවක නිරත වුණා.
මිනුවන්ගොඩ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට අදාළ විරෝධතාවය පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
නඩත්තු කටයුත්තක් සඳහා මිනුවන්ගොඩ ප්‍රදේශයට ගිය එම රියදුරාට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (21) පහරදී පලාගොස් තිබුණා.
ඔවුන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමිනුයි අද(22) මෙම විරෝධතාවය පැවැත්වුණේ.
