මිනුවන්ගොඩ – යටියන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඝාතනය සඳහා යොදා ගත් යතුරුපැදිය සහ ගිනි අවිය ද සොයා ගත් බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට වාර්තා කර නැවත නිවස බලා යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.
