Gossips

මිනුවන්ගොඩ ඝාතනය, පසුගිය වසරේදී සිදුවූ ඝාතනයක ප්‍රතිඵලයක් බවට සැක

මිනුවන්ගොඩ – යටියන ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ඝාතනය කිරීම, පසුගිය වසරේදී සිදුවූ ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස පොලීසිය සැක පළ කරනවා.
පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 2017 වසරේ සිදුවූ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ පුද්ගලයෙකු බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා අද (05) දහවල් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට වාර්තා කර නැවත නිවස බලා යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ මිනුවන්ගොඩ – කොටගෙදර ප්‍රදේශයේ පදිංචි රත්නසිරි ද සිල්වා නැමැති 65 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
ඔහු 2017 වසරේ අගෝස්තු මස 26 වන දින මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේ සරුංගලයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පියා සහ පුත්‍රයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ද වනවා.
පොලීසිය සදහන් කළේ මෙම ඝාතනය කලක් තිස්සේ දෙපිරිසක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙසට සැක කෙරෙන බවයි.