Gossips

මිනුවන්ගොඩ ඇඟලූම් කර්මාන්තශාලාවක ආහාර විෂවීමකින් 100 දෙනෙකු රෝහලේ

මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලූම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් සේවක සේවිකාවන් 100කට ආසන්න පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
ආහාර සපයන පෞද්ගලික ආයතනයකින් මොවුන්ට අද පෙරවරුවේ ලබාදුන් ආහාරය අනුභවයෙන් පසුව මෙලෙස රෝගී වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අනුව සේවක, සේවිකාවන් 71 දෙනෙකු පමණ මිනුවන්ගොඩ රෝහලටත් තවත් 25 දෙනෙකු පමණ ගම්පහ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.
මොවුන්ට වමනය ඇතුළු රෝගී තත්ත්වයන් පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.