Gossips

මිනී පෙට්ටියත් සමඟ පුද්ගලයෙක් මිනී වළට වැටී සිදුවූ අනතුර ජංගම දුරකථනයක සටහන් වූ හැටි

අවමංගල්‍ය උත්සවයක අවසන් කටයුතු සිදුකර අවස්ථාවේ පුද්ගලයෙකුට මුහුණ පෑමට සිදුවූ අනතුරක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පේරු රාජ්‍යයේ මෙම සිදුවීම සිදුව ඇති අතර මෙම පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.
මියගිය කාන්තාවකගේ දේහය බහාලූ මිනී පෙට්ටිය මිහිදන් කිරීමට සැරසෙන අවස්ථාවේ වළ අසල සිටි පුද්ගලයෙක් මිනී පෙට්ටියත් සමඟ වළ තුලට වැටීමෙන් මෙම අනතුර සිදුවනවා.
ලණු ආධාරයෙන් මිනී පෙට්ටිය වළ තුල තැන්පත් කරන අවස්ථාවේ ලණුවක එක් කෙළවරක් අල්ලාගෙන සිටි පුද්ගලයෙක් සිය සමබරතාවය ගිලිහී මිනී පෙට්ටිය සමඟ වළ තුලට ඇද වැටෙනවා.
කෙසේ වෙතත් සිදුවූ මෙම අනතුරෙන් අදාල පුද්ගලයාට හානියක් සිදුවන්නේ නැහැ.
අනතුරුව මිනී පෙට්ටිය සහ එහි තැන්පත්කර තිබූ මියගිය කාන්තාවකගේ දේහය නැවත වළෙන් ගොඩ ගෙන යළි මිහිදන් කිරීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර තිබුනේ.
අදාල සිදුවීම ඒ අසල සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.