ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානවල සැරිසරමින් පුද්ගලයන් 13 දෙනෙකෙු සපා කා ඝාතනය කළ කොටි දෙනක් වෙඩි තබා මරා දමා තිබෙනවා.
6 හැවිරිදි කොටි දෙන සහ ඇගේ මාස 9ක් වන පැටවුන් දෙදෙනා පසුගිය අගෝස්තු මාසයේදී ද පුද්ගලයන් 3 දෙනෙකු සපා කෑ අතර, ඒ හේතුවෙන් එම ගම් ප්‍රදේශයේ 5000ක් පමණ ජනයා භීතියෙන් ඇලලී ගියා.
පසුගිය වසර 2 තුළ මෙම කොටි දෙන තවත් පුද්ගලයන් දස දෙනෙකු සපා කා තිබෙනවා.
කොටි දෙන රැක ගැනීමට පරිසරවේදීන් උත්සාහයක නිරත වුවද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ වනජීවි නිලධාරීන්ට ඇය මරාදැමීමට සිදුවුවද එය ගැටළුවක් නොවන බවයි.
ඊයේ රාත්‍රියේ මෙම කොටි දෙන නිරීක්ෂණය කළ වනජීවි නිලධාරීන් ඇය විසඥ කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවූ හෙයින් වෙඩි තබා ඝාතනය කළ බව සඳහන්.
ලොව කොටි ගහණයෙන් සියයට 60ක් එනම් 2200ක් පමණ ඉන්දියාවේ වාසය කරන අතර ඉන් ආරක්ෂිත වන උද්‍යානය සහ කොටි රක්ෂිතවල සිටින්නේ තුනෙන් එකක් පමණයි.