Gossips

මිනිසුන්ට බෝවන ට්‍රිපනසොමා ලංකාවෙන් හමුවෙයි

ට්‍රිපනසොමා නම් රෝගයක් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල මහතා පවසනවා.
මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙම රෝගී තත්වය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
එහි ඇති භයානකත්වය වන්නේ මෙම රෝගී තත්වය මිනිසුන්ට වැළඳීමේ අවධානමක් තිබීමයි.
මේ වනවිට බලන්ගොඩ සහ මුලතිව් ප්‍රදේශයේ සුනඛයන් දෙදෙනෙක්ගෙන් මෙම රෝගී තත්වය හඳුනාගෙන ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
ඇස්වල රෝගී තත්ත්වයක් පැවති සුනඛයෙකු බලන්ගොඩ ප්‍රදේශයෙන් හමුවී ඇති අතර එම සුනඛයා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහලට යොමු කිරීමේදීයි මෙම තත්වය හඳුනාගෙන ඇත්තේ.
කෙසේ වෙතත් මෙම රෝගය පැතිරීමට දායකවන වාහකයා වූ Testse Fly නමැති මැස්සන් වර්ගය මේ වනතෙක් මෙරටින් හමුව නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව මේ වනවිට හමුව ඇති සුනඛයන් දෙදෙනා වෙත එම රෝගය වැළඳීමට හේතුවූ වාහකයා වෙනත් සතෙකු විය හැකි බවටයි වෛද්‍යවරු විශ්වාස කරන්නේ.
එහිදී සැකපලකරන්නේ කියුලෙක්ස් (Culex) නම් මදුරුවා සහ රාත්‍රියට පමණක් එළියට පැමිනෙන කිසින් බග් (Kissing Bug) නැමැති සතුන් මෙම රෝගය පතුරවන බවටයි.
මෙම රෝගය වැළඳුනු සුනඛයන්ගේ රෝග ලක්ෂණ ලෙස පශු වෛද්‍යවරු පෙන්වාදෙන්නේ අලස බව, ඇස් පෙනීම දුර්වල වීම හෝ අන්ධ වීම, ඇස් සුදු පැහැ වීමයි.
අප්‍රිකානු රටවලින් මෙම රෝගය වැළඳී ඇති මිනිසුන් මේ වනවිට හමුව ඇතිමුත් මෙරටින් මෙතෙක් ට්‍රිපනසොමා රෝගය වැළඳුනු රෝගියෙකු වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ.