Gossips

මිනිස් ශරීරයටත් ප්ලාස්ටික් ඇතුලූවන බවට තොරතුරු

ආහාර සමඟ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිනිස් ශරීරයටද ඇතුලූවන බව ගෝලීය පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
ඔස්ටි‍්‍රයාවේ වියනා වෛද්‍ය සරසවියේ විද්‍යාඥයන් මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ යුරෝපය, රුසියාව සහ ජපානය ආවරණය වන පරිදි මිනිස් මළ පරීක්ෂා කිරීමෙන්.
එහිදී හෙළිදරව් වී ඇත්තේ 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුටම ප්ලාස්ටික් ශරීර තවී ඇති බවයි.
එහිදී වැඩි වශයෙන් දක්නට ලැබී ඇත්තේ ආහාර ඇසුරුම් සහ ජල බෝතල්වල පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය බව සඳහන්.
කෙසේ නමුත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල තවදුරටත් අධ්‍යයනයන්ට යොමුකළ යුතු බව ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කළා.