Gossips

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරේ වන අලි 18 ක් මරුට

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගතවු වසරක කාලය ඇතුළත උතුර පළාතේ වන අලි 18 දෙනෙකු මියගොස් ඇති බව උතුර පළාත් භාර පශු වෛද්‍ය නිලධාරී බී.ගිරිදරන් පවසනවා.
ඔහු කියා සිටියේ අනවසර විදුලි රැහැන් ඇදීම සහ හක්ක පටස් භාවිත කරමින් සතුන් දඩයම් කිරීම මෙලෙස වන අලින් මියයාමට බලපා ඇති බවයි.
වන අලින්ට අමතරව උතුරු පළාතේ කැලෑබද ප්‍රදේශවල ජීවත්වන වෙනත් වන සතුන් විශාල ප්‍රමාණයක්ද මෙම නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඝාතනයට ලක්වන බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු අනාවරණය කළා.