Gossips

මිනින්දෝරුවන් 8 වනදා සිට අඛන්ඩ වැඩ වැරුමකට සූදානමින්

මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් මේ මස 08 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට රජයේ මිනින්දෝරු සංගමය සූදානම් වනවා.
එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම ක්‍රියාවට විරෝධය දක්වමින් මේ වනවිටත් අභ්‍යන්තර වෘත්තීය ක්‍රියාමාර්ගයක සේවකයන් නිරත වී සිටින බවයි.
එමෙන්ම, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය පෙරේදා (28) ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය මේ වනවිටත් ක්‍රියාත්මකයි.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ සඳහන් කළේ තම වෘත්තීය ක්‍රියාමාර්ගයට බලධාරින් තවමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
මේ අතර, සේවා ස්ථානගත කිරීම්, ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම ශාඛාව ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට සූදානම් වනවා.