මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු ඇමරිකාවට පැවරීමට විරෝධය පළ කරමින් අද (14) සිට දින 03 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ මිනින්දෝරු සංගමය තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ ප්‍රකාශ කළේ බලධාරීන් නිසි විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට අපේක්ෂා කරන බවයි.
