Gossips

මින්නේරිය සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජිවි නිලධාරින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාරගේ නියෝගයකට අනුවයි.
මොවුන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද ඒ අතර සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ධීවරයින් දෙදෙනෙකුද 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පසුගිය 26 වනදා මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් මින්නේරිය වැවේ කොටසක තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයෙකු දැල් ආම්පන්න සමග වනජිවි නිළධාරින් අත්අඩංගුවට ගැනීමත් සමග, නොසන්සුන්කාරි තත්ත්වයක් ඇතිවුණා.
පසුව ප්‍රදේශවාසීන් වනජීවි කාර්යාලය වටලා නිලධාරින් 4 දෙනෙකුට පහරදී සැකකාර ධීවරයා රැගෙන පලා ගියා.