වනජිවි නිලධාරින්ගේ විරෝධතාවයක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන සංචාරකයින් සදහා යළි විවෘත කර තිබෙනවා.
මින්නේරිය වැවේ තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට පහරදීමත් සමඟයි මින්නේරිය වනෝද්‍යානය වසා දැමුණේ.
අනතුරුව වනජීවී නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර පසුව කවුඩුල්ල ජාතික වනෝද්යානයද වසා දැමීමට පියවර ගැනුනා.
මේ අතර වනෝද්‍යානය යළි විවෘත කරන ලෙස ඉල්ලා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට හබරන සහ මින්නේරිය සෆාරි ජිප් රථ හිමියන්ගේ සංගමය සිදුකළ විරෝධතාවද අවසන් වී තිබෙනවා.