Gossips

මින්නේරිය වෘත්තීය පුහුණු පාසලේ සිසුවෙකු පහරකෑමට ලක්ව රෝහලේ

මින්නේරිය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු පාසලේ සිසුවෙකුට එම පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායකයෙකු සහ විනය උපදේශකවරයෙකු පහරදීම හේතුවෙන් එම සිසුවා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අදාළ සිසුවා සහ ශිෂ්‍ය නායකයා අතර, ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති අතර, අනතුරුව පාසලේ විනය උපදේශකවරයා ද එම ස්ථානයට පැමිණ අදාළ සිසුවාට පහරදී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් මින්නේරිය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු පාසලේ සහකාර අධ්‍යක්ෂ අයි.එම්.එම් දිසානායකගෙන් අප විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ අදාළ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍ය නායකයා සහ විනය උපදේශකවරයා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.