Gossips

මින්නේරිය වනෝද්‍යානයේ මාර්ගයක් ජලයෙන් යටවෙයි

මින්නේරිය වනෝද්‍යානය හරහා ගලා බසින කිරි ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි සංචාරයේ නිතරවූ විදේශිකයන් ඇතුළු පිරිසක් ඊයේ පැය කිහිපයක් වනෝද්‍යාන තුළ සිරවී සිටි බවට වාර්තාවුණා.
වන අලි නැරඹීමට වනෝද්‍යානය තුළට ගිය දෙස් විදෙස් සංචාරකයින් රැගත් ජීප් රථ 100 ක් පමණ මෙලෙස සිරවී තිබූ බවයි මින්නේරිය හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස ජලයෙන් යටවූ මාර්ගයට පාලමක් සාදා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළද ඊට නිසි ප්‍රතිචාර ලැබී නොමැති බවයි සෆාරි ජීප් රථ රියදුරන් චෝදනා කළේ.
කෙසේ වෙතත් මින්නේරිය ජාතික වනෝද්‍යාන භාරකරු වසන්ත මඩුගල්ල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද දිනයේත් වැසි පවතින බැවින් ජලයෙන් යටවන මාර්ග කොටස මේ වනවිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.