Gossips

මින්නේරියේ කොටු වුණු සංචාරකයින්

මින්නේරිය ජාතික වනෝද්‍යානයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වන අලි නැරඹීම සදහා වනෝද්‍යානයට ඇතුළුවී සිටි දෙස් විදෙස් සංචාරකයන් රැගත් ජීප් රථ 100 ක් පමණ කිරිඔය හරහා ගමන්කිරීමට නොහැකිව ඊයේ (05) වනෝද්‍යානය තුළ සිරවී සිටියා.
ඒ හේතුවෙන් ඇතැම් විදෙස් සංචාරකයන් හට වනෝද්‍යානයෙන් පිටතට පැමිණීමට ඊයේ (05) රාත්‍රියේ සිදුවූයේ අනතුරුදායක ලෙස පාගමනින්.