Gossips

මින්නේරියේදී නිධන් හෑරූ තුන්දෙනෙකු අත්අඩංගුවට

මින්නේරිය – තඹලවැව – ජයන්තිපුර ප්‍රදේශයේ නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොළොන්නරුව පුරාවස්තු ආරක්ෂණ ඒකකයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරීන් ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 33ත් 64ත් අතර වයස්වල පසුවන්නන් බවයි.
මොවුන් තඹලවැව, එප්පාවල සහ වාරියපොල ප්‍රදේශවල පදිංචිකරුවන්.