මිද්දෙණිය – හුංගම මාර්ගයේ මුරුංගස්යාය ගොවිපල ඉදිරිපිට අද සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ අවුරුදු 3 ක් පමණ වයසැති ඇගේ කුඩා දරුවා මියගොස් තිබෙනවා.
හුංගම සිට මිද්දෙණිය දෙසට ගමන් කළ ටිපර් රථයක මෙම කාන්තාව පැදවූ ත්‍රිරෝද රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ජීවිතක්ෂයට පත්වූ දෙදෙනා තංගල්ල – උස්වැව – සූරියපොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනතුර සම්බන්ධයෙන් පොලීසිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
