Gossips

මිතුරෙකුගේ ඒ.ටී.එම්. කාඩ්පතකින් මුදල් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

මිතුරෙකුගේ ඒ.ටී.එම්. කාඩ්පතක් සොරාගෙන රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත් පුද්ගලයෙකු වව්නියාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඒ.ටී.එම්. කාඩ්පත හිමිකරු ඔහුට එහි රහස්‍ය අංකය ලබාදී ඇත්තේ තමන්ට මුදල් රැගෙන එන ලෙස පවසමින්.
සැකකරු වව්නියාවේ රජ්‍ය බැංකුවක පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයක් අසල සිටි කාන්තාවකට කාඩ්පත ලබාදී තමන්ගේ ඇස් නොපෙනෙන බව පවසමින් එයින් රුපියල් ලක්ෂයක් රැගෙන දෙන ලෙස පවසා තිබෙනවා.
අදාල කාන්තාව එම මුදල් ගෙන සැකකරුට ලබාදෙන අවස්ථාවේ සැකකරුගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් නොමැති බවට දැනගන්නට ලැබී ඒ පිළිබඳව අසල සිටි තරුණයින් පිරිසකට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ සැකකරු පලාගොස් ඇති අතර පසුව තරුණයින් පිරිස ඔහුව අල්ලාගෙන පොලිසයට භාරදී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
කෙසේ වෙතත්, හිමිකරු රැගෙන එන ලෙස පැවසූ මුදලට වඩා රුපියල් ලක්ෂයක් සැකකරු එම ගිණුමෙන් ලබාගෙන ඇති බව සඳහන්.

ඡායාරූප – වව්නියාව, රොමේෂ් මධුසංක