Gossips

මිත්‍යාවක් වූ බ්ලැක් මැජික් වෙනුවෙන් කළ හදවත් කම්පා කළ අමානුෂික ඝාතනය

තම සොහොයුරාව ඝාතනය කර පසුව ඔහුගේ ජනනේන්ද්‍ර ආහාරයට ගත් තරුණියක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.
මෙලෙස තම 5 හැවිරිදි සොහොයුරාව ඝාතනය කර ඇත්තේ 18 හැවිරිදි තරුණියක් විසින්.
පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මිත්‍යා මතයකට අනුව සිදුකෙරෙන බ්ලැක් මැජික් නම් යාගයක් සිදුකිරීමට මෙම තරුණිය උත්සහ කර ඇති බවයි.
ඒ අනුව මව නිවසෙන් පිටතට ගොස් සිටි අවස්ථාවකයි ඇය සිය සොහොයුරා ඝාතනය කර ඇත්තේ.
එහිදී නිදාසිටි 5 හැවිරිදි සොහොයුරාගේ මුහුණ කොට්ටයක් ආධාරයෙන් වසා දමා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.
පසුව මෙම තරුණිය විසින් ඝාතනය කෙරුණු සොහොයුරාගේ ජනනේන්ද්‍රය කපා ඉවත්කර එය ආහාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හෝරා කිහිපයකට පසුව මව නිවසට පැමිණ ඇති අතර නිවාස දොරගුළු ලා තිබීම හේතුවෙන් තවත් පුද්ගලන්ගේ ආධාරගෙන එය කඩා නිවසට ඇතුල්වී තිබෙනවා.
පසුව පොලිසියට කළ දැනුම්දීමකට අනුව සිදුකල සෝදිසි කිරීමකදී අදාළ මියගිය 5 හැවිරිදි දරුවා සහ ඝාතනය සිදුකළ 18 හැවිරිදි සොහොයුරිය සොයගෙන තිබෙනවා.
එම අවස්ථාවේ ඝාතනයට ලක්වූ 5 හැවිරිදි දරුවාගේ සිරුර වටා ඉටිපන්දම් දල්වා තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.