දෙණියාය – කිරිවැල්දොළ ප්‍රදේශයේ දෙමහල් නිවසකදී දෙබර ප්‍රහාරයකට ලක්ව මිත්තණිය සහ මුණුබුරා මියගොස් තිබෙනවා.
එම නිවසේ වහලයේ සිවිලිමේ බැඳ තිබූ දෙබර කූඩුව ඇවිස්සීම හේතුවෙන් දෙබර ප්‍රහාරයට ලක්වූ ඔවුන් රෝහල් ගතකරනු ලැබුවේ ඊයේ දිනයේයි.
මෙලෙස මියගිය මිත්තණියගේ වයස අවුරුදු 69 ක් වන අතර මුණුබුරා දෙහැවිරිදි වියේ පසුවනවා.
