Gossips

මිචෙල් ජොන්සන් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

ඕස්ට්‍රේලියාව බිහි කළ විශිෂ්ට වේග පන්දු යවන්නෙක් වන මිචෙල් ජොන්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 73ක්, එක්දින තරඟ 153ක් සහ පන්දුවාර 20 තරඟ 30 ක්‍රීඩා කර ඇති මිචෙල් ජොන්සන් මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවනවා.
වමත් වේගපන්දු යවන්නෙකු වන ජොන්සන් ටෙස්ට් කඩුලු 313ක්, එක්දින කඩුලු 239ක්, විස්සයි විස්ස කඩුලු 38ක් බිඳ දමා තිබෙනවා.
කෙසේ වෙතත් 2015 වසරෙන් පසු මේ වන තෙක් මිචෙල් ජොන්සන්ට ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ සහ එක්දින කණ්ඩායමේ තැනැක් හිමි වූයේ නැහැ.
ඔහු අවසන්වරට පන්දුවට 20 තරඟයක් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළේ 2013 අගෝස්තු මාසයේදීයි.
මෙම වසරේ පැවති ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය මිචෙල් ජොන්සන් එක්වූ අවසන් ක්‍රිකට් තරඟාවලිය වනවා.
ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් එහෙත් තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය මේ වන විට ටිකෙන් ටික අඩුවෙමින් පවතින බව මිචෙල් ජොන්සන් පවසනවා.