Gossips

මැසඩෝනියාවේ නම වෙනස් කිරීමට එරෙහිව ග්‍රීසියේ විරෝධතා

මැසඩෝනියාවේ නම වෙනස් කිරීම සඳහා ආණ්ඩුව එළඹී ඇති ගිවිසුමට එරෙහිව ග්‍රීසියේ විපක්ෂ ක්‍රියාකාරීන් ඇතැන්ස් නුවර දැවැන්ත විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.
මෙහිදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණු අතර, ඔවුන් සහ පොලීසිය අතර ගැටුමක්ද හටගැනුනා.
ග්‍රීසියට උතුරින් පිහිටි රාජ්‍යයක් වන මැසඩෝනියාවේ නම වෙනස් කිරීමට ග්‍රීක ජාතිකයින් බහුතරයක් විරුද්ධ වන්නේ එරට ප්‍රාන්තයක්ද මැසඩෝනියාව ලෙස නම් කර තිබීම හේතුවෙන්.