Gossips

මැලේසියා හිටපු අගමැති යළි අත්අඩංගුවට

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් යළිත් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මැලේසියාවේ ආයෝජන අරමුදලක මුදල් වංචාවක් සම්බන්ධයෙනුයි.
මැලේසියා දුෂණ මර්දන ඒකකය සඳහන් කළේ අද දහවල් හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගත් බවයි.
එල්ලවී ඇති මුදල් වංචාවලට අදාළව නජීබ් රසාක් හෙට අධිකරණයට ඉදිරිපත් කරන බව ද දුෂණ මර්දන ඒකකය කියාසිටියා.
අදාළ මුදල් සිය පෞද්ගලික ගිණුමකට බැරකර ගැනීම මෙන්ම රාජ්‍ය බලය අයුතු ලෙසට භාවිත කිරීම ඇතුලු චෝදනා කිහිපයක් හිටපු අගමැතිවරයාට එල්ලවී තිබෙනවා.
මීට පෙර ද වංචා චෝදනා මත නජීබ් රසාක් අත්අඩංගුවට ගැනුනු අතර අධිකරණය මගින් ඔහු නිදහස් කෙරුනේ අදාළ චෝදනාවලින් නිදහස් කරමින්.