මැලේසියා හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසක තිබී ශ්‍රී ලංකා රුපියල් විසිඅට ලක්ෂ හැත්තෑදහසක (2,870,000)මුදලක් සොයාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම නිවසේ තිබී ඉතා වටිනා අත් ඔරලෝසු ඇතුලු සුඛෝපභෝගී භාණ්ඩ රැසක් ද හමුවී ඇති බවයි.
අදාළ නිවසේ ඇති සේප්පු ඇතුලු දේපළ තවදුරටත් පරීක්ෂා කරමින් පවතින බව ආරක්ෂක අංශ ප්‍රකාශකර තිබෙනවා.
මෙම නිවසින් සුඛෝපබෝගි භාණ්ඩ සහ මුදල් විශාල තොගයක් හමුවූ අතර ඒවා ඉතා ඉහළ මිලක් සහිත අත්බෑග්වල අසුරා තිබූ බව සඳහන්.
නජීබ් රසාක්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමිවූ දිනයේ අගමැති නිවහනේ සිට එහි නිල වෑන් රථයකින් පෙට්ටි තොගයක් ක්වාලාලම්පූර් අගනුවර සුඛෝපබෝගී නිවහනක් වෙත රැගෙන ගිය බව වාර්තා වුණා.
නජීබ් රසාක්ගේ පවුලේ සාමාජිකයින් භාවිත කරන එම නිවහනේ තිබී අදාළ මුදල් සහ සුඛෝපබෝගී භාණ්ඩ සොයා ගෙන ඇත්තේ එරට පොලීසිය සිදුකළ හදිසි මෙහෙයුමකින්.
හිටපු අගමැති නජීබ් රසාක් ‘‘වන් – එම්.ඩී.බී’’ හෙවත් මැලේසියා සංවර්ධන අරමුදල නමින් අරමුදලක් පිහිටුවා ඩොලර් මිලියන 700 කට වැඩි මුදලක් සිය පෞද්ගලික ගිණුම්වලට හරවා ගත් බවට චෝදනා එල්ල වනවා.
නැවත මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරය හිමිකර ගත්, මහතීර් මොහොමඩ්, නජීබ් රසාක්ට රටින් පිටවීම තහනම් කරමින් අදාළ චෝදනා පිළිබඳ සොයා බැලීමට සූදානම්.