මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එරට දූෂණ මර්දන කොමිසම මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, මතභේදයට තුඩුදුන් ‘‘වන් එම්.ඩී.බී.’’ – මැලේසියානු සංවර්ධන අරමුදල පිළිබඳ විගණන වාර්තාවට බලපෑම් කළ බවට චෝදනා එල්ල කරමින්.
මැලේසියාවේ සංවර්ධනය සඳහා ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා පිහිටවනු ලැබූ මෙම අරමුදලට ලැබුණු මූල්‍යාධාර ඍජුවම හිටපු අගමැති නජීබ් රසාක්ගේ ගිණුමට බැර කළ බවටද චෝදනා එල්ලවී තිබුණා.