මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ නඩු පැවරීම පිළිබඳව එරට නව පරිපාලනයේ අවධානය යොමුවී තිබෙනවා.
නජීබ් රසාක්ගේ පාලන සමය තුළ 2009 වසරේ ආරම්භ කෙරුණු මැලේසියානු සංවර්ධන අරමුදල මගින් දැවැන්ත මූල්‍ය දූෂණයක් සිදුකළ බවටයි චෝදනා එල්ල වන්නේ.
හිටපු අගමැති නජීබ් රසාක් පසුගිය මැයි 9 වනදා පැවති මැතිවරණයෙන් පරාජයට පත් වූ අතර, දැන් අදාළ චෝදනා පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.
මූල්‍ය විශුද්ධිකරණ චෝදනාවලට වරදකරු වුවහොත් හිටපු අගමැති රසාක්ට වසර 15 දක්වා සිරදඩුවම් නියම විය හැකි බවයි ක්වාලාලම්පූර් වාර්තා සඳහන් කළේ.