Gossips

මැලේසියාවේ හිටපු අගමැති බිරිඳ, දූෂණ, මර්දන කොමිසමට

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිඳ වන රොස්මා මන්සූර් එරට දූෂණ විරෝධී කොමිසම හමුවේ අද ප්‍රකාශයක් ලබාදුන්නා.
පුත්‍රජායා නුවර පිහිටි එහි මූලස්ථානය වෙත අද උදෑසන පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට නියෝග කර තිබූ බව සඳහන්.
හිටපු අගමැති නජීබ් රසාක්ගේ පාලන සමයේදී ක්‍රියාත්මක වූ මැලේසියානු සංවර්ධන අරමුදල හරහා විශාල මූල්‍ය දූෂණයක් සිදුවූ බවට චෝදනා එල්ල වනවා.
එහිදී හිටපු අගමැතිවරයාගේ පෞද්ගලික ගිණුම් වලට ඩොලර් මිලියන 10.6ක මුදලක් බැර කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.