Gossips

මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවහනක මුදල් හා වටිනා භාණ්ඩ රැසක්

මැලේසියානු පොලිසිය එරට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ සුඛෝපබෝගී නිවහනකින් සුඛෝපබෝගි භාණ්ඩ සහ මුදල් විශාල තොගයක් සොයා ගෙන තිබෙනවා.
ඒවා ඉතා ඉහළ මිලක් සහිත අත්බෑග්වල අසුරා තිබූ බව සඳහන්.
නජීබ් රසාක්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමිවූ දිනයේ අගමැති නිවහනේ සිට එහි නිල වෑන් රථයකින් පෙට්ටි තොගයක් ක්වාලාලම්පූර් අගනුවර සුඛෝපබෝගී නිවහනක් වෙත රැගෙන ගිය බව වාර්තා වුණා.
නජීබ් රසාක්ගේ පවුලේ සාමාජිකයින් භාවිත කරන එම නිවහනේ තිබී අදාළ මුදල් සහ සුඛෝපබෝගී භාණ්ඩ සොයා ගෙන ඇත්තේ එරට පොලීසිය සිදුකළ හදිසි මෙහෙයුමකින්.
හිටපු අගමැති නජීබ් රසාක් ‘‘වන් – එම්.ඩී.බී’’ හෙවත් මැලේසියා සංවර්ධන අරමුදල නමින් අරමුදලක් පිහිටුවා ඩොලර් මිලියන 700 කට වැඩි මුදලක් සිය පෞද්ගලික ගිණුම්වලට හරවා ගත් බවට චෝදනා එල්ල වනවා.
නැවත මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරය හිමිකර ගත්, මහතීර් මොහොමඩ්, නජීබ් රසාක්ට රටින් පිටවීම තහනම් කරමින් අදාළ චෝදනා පිළිබඳ සොයා බැලීමට සූදානම්.