Gossips

මැලේසියාවේ විපක්ෂය විසුරුවා හැරේ

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්ගේ දේශපාලන පක්ෂය තාවකාලිකව විසුරුවා හැර තිබෙනවා.
ඒ එම පක්ෂය ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛණ සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන්.
මේ සදහා අභියාචනා ඉදිරිපත් කිරීමට එරට නීතියට අනුව, දින 30ක කාලයක් ලබාදෙන නමුත්, දැනට පවතින දේශපාලන තත්ත්වය හමුවේ කඩිනම් මැතිවරණයක් කැදවීමේ හැකියාවක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
විපක්ෂය ලෙස කටයුතු කරන මහතීර් මොහොමඩ්ගේ පක්ෂය විසුරුවා හැරීමත් සමග එහි ලාංඡනය හෝ නම කිසිදු දේශපාලන කටයුත්තකට හෝ ප්‍රචාරණ කටයුත්තකට යොදා ගැනීමට හැකිවන්නේ නැහැ.